ඡන්ද පෙට්ටි මාරු කිරීම සම්බන්ධයෙන් ඇතැම් දේශපාලනඥයින් ප්‍රකාශ නිකුත් කළත් එවැනි කිසිදු අක්‍රමිතාවයක් සිදු නොවන බව මැතිවරණ කොමිසම අවධාරණය කරනවා.

එහිදී ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමේ ක්‍රියාවලිය සහ ඒවා මුද්‍රා තැබීමේදී අනුගමනය කරන ක්‍රියා පටිපාටිය පිළිබදව කොමිසම පුලුල් පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

පෙර මැතිවරණවලදී මෙන් මෙවරද ඡන්ද පෙට්ටිය විනිවිද පෙනෙන බෑගයක දමා අගුලු දමා රැගෙන එන බවයි මැතිවරණ කොමිසම නිකුත් කල නිවේදනයේ සඳහන්.

එසේම ඡන්ද විමසීමෙන් පසු ඡන්ද පෙට්ටිය, මුද්‍රා තැබීමේදී අහඹු ලෙස තෝරාගත් ඡන්ද පොල කාර්ය මණ්ඩල සාමාජිකයින් පිටපත් හයකින් යුතුව අත්සන් කළ ආකෘතියක මුල් පිටපතද එහි අළවා එක් පිටපතක් ගණන් කිරීමේ ශාලාව වෙත යැවෙන අතර, අනෙකුත් පිටපත් එම අවස්ථාවේදීම ඡන්දපොල නියෝජිතයින්ට නිකුත් කරනු ඇති.

ඊට අමතරව ඡන්දපොළේ සිට ගණන් කිරීමේ ශාලා පරිශ්‍රය ආසන්නයේ වූ අවසන් පොලිස් මුරපොළ දක්වා ඡන්ද පෙට්ටි රැගෙන එන වාහනය පසුපසින් අපේක්ෂකයින්ගේ නියෝජිතයින් වාහනයකින් පැමිණීමට අවශ්‍ය යැයි කරනු ලබන ඉල්ලිීම්වලට ද ඉඩ ලබා දීමට තීරණය කර ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කළා.

source :- t.ly/UI-Di

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here