ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අම්බර්නාත් ප්‍රදේශයේ රසායනික සමාගමක කම්හලකින් ගෑස් කාන්දුවීමක් සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් මුළු නගරයම වැසී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නගරයට යන අය නාසය සහ මුඛය වසා ගෙන යන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

2021 වසරෙන් පසු අම්බර්නාත්හි සිදුවූ දෙවන ගෑස් කාන්දුව මෙයයි.

වාර්තා සඳහන් කරන්නේ, හදිසි අවස්ථාවකදී නිවැසියන්ට නගරයෙන් පිටවීමේ අවස්ථාව මඟ හරිමින් ගෑස් කාන්දුව දුම්රිය මාර්ගයට පවා පැමිණ ඇති බවයි.

මෙසේ ගෑස් කාන්දු වීමට හේතුව සොයා ගැනීමට නිලධාරීන් කටයුතු කරන බවයි වාර්තා වෙන්නේ.

එමෙන්ම තත්ත්වය පාලනය කිරීම සඳහා නිලධාරී කණ්ඩායම් ද පිටත් කර යවා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

source :- t.ly/YE0-Y

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here