මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඉතා තියුණු මුහුණුවරක් ගෙන තිබියදී කලහකාරී සිද්ධීන් ඇති නොකරන ලෙස මැතිවරණ කොමිසම විසින් ඊයේ (09දා) අපේක්ෂකයන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මැතිවරණ නීති උල්ලංඝනය නොකරන ලෙස ද මැතිවරණ කොමිසම වැඩිදුරටත් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

මැතිවරණ කොමිසම විසින් වැඩිදුරටත් අපේක්ෂකයන්ට උපදෙස් ලබා දී ඇත්තේ කිසිදු අපේක්ෂකයෙකු 50% ට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමට නොහැකි වුවොත් දෙවන මනාපය ගණනය කිරීමට සිදුවන බැවින් එම කාලය තුළ කලහකාරී සිද්ධීන් ඇති නොකර ගැනීමට වග බලා ගන්නා ලෙසයි.

අපේක්ෂකයන් වෙනුවට ඔවුන්ගේ නියෝජිතයන් මැතිවරණ කොමිසම හමුවට ගෙන්වා මෙම උපදෙස් ලබා දී තිබෙනවා.

source :- https://tinyurl.com/3buw46dm

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here