
ජනාධිපතිවරණයට අදාළව ලබන 14 සෙනසුරාදා විශේෂ දිනයක් ලෙස සළකා නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මේ බව කියා සිටියේ කොළඹ අද (09) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම පසුගිය 03 වනදා ආරම්භ වු අතර විශේෂ දිනයක් ලෙස 08 වනදා ප්‍රකාශයට පත්කර තිබිණ.

කෙසේ නමුත් මෙම ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු එළැඹෙන 14 වන දිනයේ ද සිදුකිරීමට නියමිතය.
source :- https://tinyurl.com/yx8zs9ke








