වයඹ සහ ඊට යාබද බටහිර – මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී වයඹ දෙසට ගමන් කරමින් අද ඉන්දියාවේ ඔඩීෂා වෙරළ තීරය හරහා ගමන් කිරීමට නියමිතයි.

ඒ හේතුවෙන් උතුරු අක්ෂාංශ 13ත් විස්සත්, නැගෙනහිර දේශාංශ 83 සහ 95ත් අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 75 දක්වා වැඩිවිය හැකි අතර, මුහුද ඉතා රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඒ අනුව, එම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ.

source :- https://tinyurl.com/457aj3v8

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here