චීනයේ – ෂැන්ඩොන්ග් පළාතේ පාසල් බස් රථයක් ජනතාව අතරට කඩාවැදී සිදුවූ අනතුරකින් 11 දෙනෙකු මියගොස් තිබෙනවා.

ප්‍රදේශයේ පාසලක ගේට්ටුව අසළ රැඳී සිටි දෙමාපියන් ඇතුලු පිරිසක් එහි ගැටී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මියගිය පිරිස අතර දෙමාපියන් හයදෙනෙකු සහ සිසුන් 5 දෙනකු සිටින බව සඳහන්.

බස් රථය රියදුරුගේ පාලනයෙන් ගිලිහී යාමෙන් මෙම අනතුර සිදුව තිබූ අතර, අනතුර සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

source :- https://shorturl.at/ALaUU

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here