ඇමෙරිකාවේ චිකාගෝහි ඊයේ (02) දුම්රියකදී සිදු වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් සිව්දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම වෙඩි තැබීම අලුයම 5.30ට ආසන්න වේලාවක සිදුවී ඇති බවයි පොලිසිය පවසන්නේ.

වෙඩි තැබූ පුද්ගලයා පලා ගිය නමුත් පසුව අත්අඩංගුවට ගත් බවත්, ගිනි අවිය ද සොයාගත් බවත්, පොලිසිය සඳහන් කරනවා.

වෙඩි ප්‍රහාරයට ලක්වූ තිදෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර, අනෙක් පුද්ගලයා රෝහලට රැගෙන ගිය පසුව එහිදී මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

එමෙන්ම ඊයේ සවස් කාලය වනවිටත් මියගිය පුද්ගලයින්ගේ අනන්‍යතාවය හදුනාගෙන නොමැති බවයි වාර්තා සඳහන් කරන්නේ.

source :- https://shorturl.at/ZGnu0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here