
ඇදහිය නොහැකි වට්ටම් ලබා දෙන බවට දැවැන්ත ප්‍රචාරයක් ලබා දෙමින් පසුගිය සිකුරාදා පාකිස්තානයේ කරච්චි නුවර විවෘත කළ ‘ඩ්‍රීම් බසාර්‘ සාප්පු සංකීර්ණයේ සියලු ආයිත්තම් අනපේක්ෂිත සිදුවීමක් නිසා මිනිත්තු 30කින් මුළුමනින්ම අවසන් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එම සාප්පු සංකීර්ණය විවෘත කිරීමට පෙර පාකිස්තාන මුදලින් ශත 50 සිට ඇඳුම් පැලඳුම්, ගෘහ භාණ්ඩ සහ ගේ දොර උපාංග මිලදී ගත හැකි බවට ප්‍රචාරයක් ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබුණේ.
ඒ අනුව එය විවෘත කිරීමේ අවස්ථාවේදී බලාපොරොත්තු නොවූ ආකාරයෙන් අතිවිශාල ජනතාවක් එක්රොක් වී ඇති ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

සාප්පු සංකීර්ණය විවෘත කිරීමත් සමඟ ජනතාව ඊට කඩා වැදී ඇති අතර, එහි බඩු භාණ්ඩ මිලදී ගැනීමට පොරකෑමෙන්ද, සාප්පු සංකීර්ණයේ දේපළවලට හානි කිරීමෙන් ද සිදුවූ කලබලය හේතුවෙන් දැඩි අවුල්සහගත තත්ත්වයක් ඇති වූ බව වාර්තා වන්නේ.
සාප්පු සංකීර්ණයට කඩා වැදුණු බොහෝ පුද්ගලයන් එහි තිබූ බඩු භාණ්ඩ කොල්ල කෑ බවටයි වාර්තා වන්නේ.
source :- https://shorturl.at/j88uR









