දක්ෂිණ අධිවේගී මාර්ගයේදී සිය සුඛෝපභෝගී මෝටර් රථයක් 15 හැවිරිදි දරුවෙකුට පැදවීමට ඉඩ ලබාදුන් පුද්ගලයන් දෙදෙනෙකුට රුපියල් 55,000ක දඩ මුදලක් නියම කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ නියෝග කර තිබෙනවා.

නීතිඥවරයා සහ එම කුඩා දරුවා පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙදෙනාටම රුපියල් 55,000ක දඩ මුදලක් නියම කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ නියෝග කර ඇති බවයි අප අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ඉකුත් 24 වැනිදා නීතිඥවරයා සිය පවුලේ සාමාජිකයන් සමඟ තංගල්ල ප්‍රදේශයේ ඥාති නිවසකට ගොස් පසුදින යළි මත්තල සිට කටුනායක දෙසට මෝටර් රථය පැද යෑමේදී මෝටර් රථය 15 හැවිරිදි පුතු වෙත ලබා දී ඔහු එය පදවාගෙන යමින් සිටියදී වෙනත් වාහනයක් පදවාගෙන යමින් සිටි පුද්ගලයෙකු එය ජංගම දුරකතනයෙන් වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණා.

source :- https://shorturl.at/9KEOG

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here