හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.

කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (02) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව හෙට උදෑසන කාලය වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කෙරෙන ප්‍රශ්න සදහා වෙන් කර තිබෙනවා.

එමෙන්ම, විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිලිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීමේ පනත් කෙටුම්පත ඇතුළු තවත් පනත් කෙටුම්පත් කිහිපයක දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.

source :- https://shorturl.at/yQRcq

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here