2024 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව සැප්තැම්බර් මස 15 වන ඉරිදා දින උදෑසන 9.30 සිට 10.45 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රය පැවැත්වේ.

එදින උදෑසන 11.15 සිට දහවල් 12.15 දක්වා පළමු පත්‍රය පැවැත්වේ.

එම විභාගය විභාග මධ්‍යස්ථාන 2,649 කදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.

විභාගය අයදුම් කළ අපේක්ෂකයින්ගේ පැමිණීමේ ලේඛනය අදාළ පාසල් විදුහල්පතිවරුන් වෙත මේ වනවිට තැපැල් මඟින් යවා ඇතැයි ද අදාළ නිවේදනයේ දැක්වේ.

මෙතෙක් එම ලේඛන නොලැබී ඇති විදුහල්පතිවරුන්ට www.doenets.lk හෝ https://onlineexams.gov.lk/eic පිවිසීමෙන් ලේඛනය බාගත හැකිය.

එහි සඳහන් අයදුම්කරුවන්ගේ තොරතුරු සංශෝධනය කළ යුතු නම් එය අද (02) දින සිට සැප්තැම්බර් 9 දක්වා මාර්ගගත සංශෝධනය කිරීමටත් පහසුකම් සලසා ඇත.

දුරකථන අංක – 0112 784 208/ 278 4537 / 2784537 / 2786616 /2785413
ක්ෂණික දුරකථන අංක – 1911
ෆැක්ස් අංකය – 0112 784422

source :- https://sinhala.adaderana.lk/news/200593

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here