වෑන් රථයක රියැදුරුට ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මාරක අනතුරක් සිදුව තිබෙනවා.

කොට්ටාව, මත්තේගොඩ මාර්ගයේ වෑන් රථය ධාවනය කරමින් පවතින අතරතුරයි රියදුරුට මෙලෙස හෘදයාබාධයක් වැළඳී ඇත්තේ.

ඔහුට හෘදයාබාධය වැළඳීමෙන් අනතුරුව පැදවූ වෑන් රථය ප්‍රාඩ්‍රෝ ජීප් රථයක, වෑන් රථයක හා ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

එම අනතුරින් හෘදයාබාධය සෑදුණු වෑන් රථයේ රියැදුරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙලෙස මියගොස් ඇත්තේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 66ක ව්‍යාපාරිකයෙක් බවයි.

එම අනතුරින් අනෙක් වාහනවලටද බරපතළ හානි සිදුව ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here