ඉදිරි ජනාධිපතිවරණයේ දී සහය දෙන්නේ කුමන අපේක්ෂකයාටද යන්න තීරණය කිරීම සඳහා ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශන අධ්‍යනය කළ යුතුව ඇති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසුවේය.

ඒ අනුව එම මැතිවරණ ප්‍රකාශ ලද පසුව ඒ ගැන තීරණයක් ගන්නා බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

දෙමළ ජාතක සන්ධානයේ එම ස්ථාවරය ජන්දයට පෙර දිනයේ ප්‍රකාශ කිරීමද ප්‍රමාණවත් බවද ඔහු ප්‍රකාශ කළේය.

”අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රකාශ අපිට හමුවුණාට පස්සේ ඒවා අධ්‍යයනය කරලා අපි තීරණය ගන්නවා. මොකද අපිට ඕනේ නිශ්චිතව,ලිඛිතව මුළු රටටම මොනවද කියන්නේ කියන එක. මීට පෙර පැවති මැතිවරණ තුනේදීම අපේ ස්ථාවරය හෙළිදරව් කළේ ජන්දයට සතියකට පෙර. ඉතින් අපේ ජනතාවට අපේ ස්ථාවරය හෙළිකරන්න ඕනේ. සැප්තැම්බර් 20 වුණත් කීවත් ඇති. අපි දෙමළ පොදු අපේක්ෂකයාට සහය දීලා නැහැ. පොදු අපේක්ෂකයා අපේ පක්ෂේ කෙනෙක්. එයාට විරුද්ධව අපි විනය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඒකෙන් පැහැදිලියිනේ අපේ ස්ථාවරය” යනුවෙන් සුමන්තිරන් මහතා පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here