
සුපිරි ඉන්දීය පිතිකරු ශිකර් ධවාන් ජාත්‍යන්තර හා දේශීය ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.
සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් ඔහු සිය සමුගැනීම නිවේදනය කර තිබේ.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ වෘත්තීය ජීවිතයට සහයෝගය දුන් සැමට ස්තුතිය පළ කරන බවයි.

මේ වන විට තිස් අටවන වියේ පසුවන ශිකර් ධවාන්ට තරග ආකෘති තුනෙන්ම ඉන්දීය කණ්ඩායම නියෝජනය කිරීම සඳහා අවස්ථාව හිමි විය.
එක්දින තරග 167කදී, ශතක 17ක් සහ අර්ධ ශතක 39ක් ඇතුළුව සාමාන්‍ය 44.1 ක් සමගින් ලකුණු 6,793ක් රැස් කර ගැනීමට ධවාන් සමත්ව තිබෙනවා.
ධවාන් ටෙස්ට් තරඟ 34කදී ලකුණු 2,315ක් රැස් කළේ සාමාන්‍ය 40.6ක් ලෙස ලබා ගනිමින්. ඔහුගේ ටෙස්ට් දිවිය ශතක හතක් සහ අර්ධ ශතක පහකින් සමන්විතයි.
විස්සයි20 ක්‍රිකට් තරග 68කට ක්‍රීඩා කර ඇති ධවාන් ලකුණු 1,759ක් රැස් කර ඇත්තේ සාමාන්‍ය 27.9ක් ලෙස තබා ගනිමින්. එයට අර්ධ ශතක 11ක් ඇතුළත්.
ක්‍රිකට් විචාරකයින් සඳහන් කරන්නේ ධවාන් සිය ක්‍රීඩා දිවියේ අවසන් වසර කීපය තුළ කොතරම් දක්ෂතා දැක්වුවද ඔහුට ඉන්දීය කණ්ඩායම නියෝජනය සඳහා ප්‍රමාණවත් තරම් අවස්ථාවක් නොලැබුණු බවයි.








