
ඊයේ සවස් කාලයේ ගලපිටමඩ පොලිස් වසමේ ලෙවන්ගම ප්‍රදේශයේ නිවසකට පැමිණි පුද්ගලයෙකු කාන්තාවක් ඝාතනය කර තවත් කාන්තාවන් දෙදෙනෙකුට බරපතල තුවාල සිදු කර ඇති බවට ගලපිටමඩ පොලිසියට ලද පණිවිඩයක් මත විර්මශන ආරම්භ කර ඇත.
මරණකාරිය වයස අවුරුදු 55 ක් වූ අතලවත්ත, ලෙවන්ගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මුදල් ආරවුලක් හේතුවෙන් සැකකරු, බිරිඳ හා බිරිඳගේ මව අතර බහින් බස්වීමක් සිදුව ඇත. එහිදී සැකකරු විසින් බිරිඳගේ මවට ගලකින් පහරදීම හේතුවෙන් හිසට තුවාල සිදුව කරවනැල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර සැකකරුගේ බිරිඳ හා දියණියට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කර ඇති බවට විර්මශනයේදී අනාවරණය වී ඇත.

මෘත ශරීරය කරවනැල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධියට සම්බන්ධ වයස අවුරුදු 44 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.








