
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (හංසයා) පක්ෂයේ සහය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට තීරණය කර තිබේ.
කොළඹ නිපොන් හෝටලයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් නව ප්‍රජාතන්වාදී පෙරමුණේ ලේකම් ශාමලී පෙරේරා මහතා පැවැසුයේ තම පක්ෂය පසුගිය ජනාධිපතිවරණ තුනේදී ම ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනකු සදහා නාමයෝජනා ලබා දුන් පක්ෂය බවයි.
2015 වසරේදී තම පක්ෂය නාමයෝජනා ලබා දුන් පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කළ බව ලේකම්වරයා කීය.

රට ඉදිරියට ගෙනයාම සඳහා සිටින එකම අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා බව ඉතා පැහැදිලි හෙයින් මෙම තීරණය ගත් බව ද පෙරේරා මහතා සඳහන් කළේය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාවුල්ලා මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික කොංග්‍රසය ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එක්වී තිබෙනවා.
එමෙන් ම එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැප වන බව දේශප්‍රේමී ජන බලවේගය පක්ෂය ද සඳහන් කළා.
එම පක්ෂයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ මහතා ඇතුළු නියෝජිත පිරිසක් ද ඊයේ (14)ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී මේ පිළිබඳ දැනුම් දුන්නා.








