
ජාතික නිදහස් පෙරමුණේ ප්‍රබල සාමාජිකයෙකු වන මොහොමඩ් මුසම්මිල් මහතා මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබෙනවා.
මොහොමඩ් මුසම්මිල් මහතා විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසද කටයුතු කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ නව සන්ධානය ඇතුළු ප්රගතිශීලි වාමාංශික දේශපාලන පක්ෂ කිහිපයක් පොදුජන එක්සත් පෙරමුණ සමඟ සන්ධාන ගතවීම වෙනුවෙන් අද (14) පැවති උත්සවයකටද මොහොමඩ් මුසම්මිල් මහතා සහභාගි වී තිබුණා.









