
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් පෙරළී එයට යටවීමෙන් කුඩා දැරියක් මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කතරගම වැඩිහිටි කන්ද ප්රදේශයේ පදිංචි අවුරුදු දෙකයි මාස 2ක් වයසැති දැරියක්.
තුවාල ලැබූ තවත් දරුවන් දෙදෙනෙකු ඇල්පිටිය රෝහලේ ප්රතිකාර ලබන බවයි පොලිසිය ප්රකාශ කළේ.

අනතුර සිදු වන අවස්ථවේ එම වෑන් රථයේ 12 දෙනෙකු ගමන් කර තිබෙනවා.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ – මත්තල දෙසට ගමන් කරමින් තිබූ එම වෑන් රථයේ පිටුපස ටයරයක සුළං බැසීම හේතුවෙන් එය මාර්ගයේ ආරක්ෂක වැටේ වැදී පෙරළි යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වනවා.








