බැසිල් ගැන වංචාවකට රහස් සාක්ෂි කැඳවයි
වසර 2014 දී සංචාරක ප්‍රවර්ධනය සදහා යැයි කියමින් රුපියල් ලක්ෂ 60 අධික වියදමක් දරා ටී ශර්ට් මුද්‍රණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (13) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ රහස් සාක්ෂියක් කැඳවනු ලැබුවා.
හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ ඇමතිවරයා වශයෙන් කටයුතු කරන...
මහින්දගේ නිල නිවසේ වතුර කපයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම නිල නිවසේ පිටුපස පිහිටි ආරක්ෂකයින් රැඳී සිටින ගොඩනැගිල්ලක ජල සැපයුම විසන්ධි කර තිබෙනවා.
හිටපු ජනාධිතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ හිරු ප්රවෘත්ති කළ විමසීමක දී සඳහන් කළේ, රුපියල් ලක්ෂ 03ක් පමණ වන ජල ගාස්තුවක් නොගෙවීම...
හෙට විශේෂ රැස්වීමකට පාර්ලිමේන්තුව කැඳවයි
පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් හෙට කැඳවීමට තීරණය කර තිබෙනවා.
ඒ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහායි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම්වලට අදාළ තීරණය කථානායකවරයා විසින්...
නාමල්ට ඉදිරි දින වලදී වෙන්න යන දේ?
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 15ක මුදලක් එන්. ආර්. කන්සල්ටන්සී නමැති සමාගමේ යෙදවීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් පිරිසකට අදාළව...
ජනපති අනුර යළි දිවයිනට
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක යළි දිවයිනට පැමිණ තිබෙනවා.
ගුවන්තොටුපළ හිරු වාර්තාකරු කියා සිටියේ අද උදෑසන 08.25 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ.- 650 දරණ ගුවන් යානයෙන්...
සිතාසි ලැබූ මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර්
අධිකරණ නියෝග නොතකා යාපනයේදී විරෝධතාවයක් සංවිධානය කිරීමේ වරදට මල්ලාකම් අධිකරණය හමුවේ හෙට (14) පෙනී සිටින ලෙස දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාට සීතාසියක් යවා තිබෙනවා.
මන්ත්‍රීවරයාගේ මූලිකත්වයෙන් පිරිසක් යාපනයේ කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරස්ථානය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු යොදා...
හිටපු මන්ත්‍රී කුලසිංහම් තමිල්නාඩු පොලීසිය විසින් අත්අඩංගුවට
ඊ.පී.ඩී.පී.( EPDP ) සංවිධානය නියෝජනය කළ වන්නි දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රී කුලසිංහම් තිලීපන් ඉන්දියාවේ තමිල්නාඩු පොලීසිය විසින් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සිට චෙන්නායි බලා ගොස් ඇති හිටපු මන්ත්‍රීවරයා එහි සිට වෙනත් ගමන් බලපත්‍රයක් මගින් යුරෝපා රටකට යාමට උත්සහ...
අර්චුනා පහරදුන් පුද්ගලයාට සැත්කමක්
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්යක්ෂවරයා පවසනවා.
මේ අතර, මන්ත්‍රීවරයා පහරදීමක් සිදුකළ බව පවසමින් පුද්ගලයෙකු ඊයේ (11) යාපනය මහ රෝහල වෙත ඇතුළත් වී...
බහින්බස්වීමක් නිසා අර්චුනාට තුවාල
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාතන් සහ පිරිසක් අතර ඇතිවූ බහින්බස් වීමක් ගැටුමකින් කෙළවර වී මන්ත්‍රීවරයා සහ පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
මෙම සිද්ධිය සිදුව ඇත්තේ යාපනය ප්‍රදේශයේ පිහිටි හෝටලකදීයි.
එසේ තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
source...
අමෙරිකානු රාජ්‍ය ලේකම් හමු වූ මෝදි
තෙදින නිල සංචාරයක් සඳහා පැරීසියට ගොස් සිටින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, කෘත්‍රිම බුද්ධි (AI) සමුළුවට පෙර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් විසින් එලීසි (Elysee) මාලිගයේ පැවැත්වූ පිළිගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වී තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, එලීසි මාලිගාට පැමිණි ඉන්දීය...














