ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පළමු තරගය අදයි
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරග දෙකකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (12) කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
චැම්පියන්ස් කුසලානයෙන් ඉවතට විසිව යමින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට පිවිසෙද්දී,ඔස්ට්‍රේලියානුවන් තරගාවලියට එක්වන්නේ චැම්පියන්ස් කුසලානයට පෙර සිය තුරුම්පු මුවහත් කර ගැනීමේ අරමුණ...
ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ
ඔස්ට්‍රෙලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත් වීමට නියමිත තරග දෙකකින් යුතු එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබෙනවා.
ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය චරිත් අසංකගේ නායකත්වය යටතේ ක්‍රීඩා...
දිනය නිමාවන විට ලකුණු 229ක් රැස් කර ගත් ශ්‍රී ලංකාව
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර අද(06) පැවැත්වෙන තරග දෙකකින් සමන්විත වෝන්-මුරලි ටෙස්ට් තරගාවලියේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ශ්‍රී ලංකාව මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළ අතර දිනය නිමා වන විට කඩුලු...
දිමුත්ගේ අලුත් බලාපොරොත්තුව
තමන් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගැනීමෙන් පසු ඉදිරියේදී පුහුණුකරුවෙකු ලෙස ක්‍රිකට් වෙනුවෙන් සේවය කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසනවා.
දිමුත් මේ බව අනාවරණය කළේ වසර 14ක සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට...
දිමුත් ගැන ලසිත් මාලිංග කියූ දේ
දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නේ ඔහුගේ හොඳම කාලයේදී බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.
සිය ෆේස්බුක් ගිණුමට වීඩියෝවක් එක් කරමින් ඔහු ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලා සිටින්නේ, දිමුත් කරුණාරත්න ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියාවට එරෙහි හෙට ආරම්භ වන අවසන් ටෙස්ට් තරගය නැරඹිම...
ජොන්ටි රෝඩ්ස්, තෙදින සංචාරයක් සඳහා ලංකාවට
හිටපු දකුණු අප්‍රිකානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස්, තෙදින සංචාරයක් සඳහා අද (03) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියා.
එළෙස පැමිණි රෝඩ්ස්ව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ නිලධාරින් විසින් පිළිගනු ලැබූ අතර, ඔහු මාධ්‍ය වෙත සඳහන් කළේ ශ්‍රී ලංකාවේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම...
චමෝදී ප්‍රබෝදා පන්දුවාර 20 යොවුන් කාන්තා කණ්ඩායමට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම් කර ඇති වයස අවුරුදු 19න් පහළ පන්දුවාර විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමේ චමෝදි ප්‍රබෝදා ඇතුලත් කර තිබෙනවා.
15 හැවිරිදි චමෝදි ප්‍රබෝදා තරගාවලියේ තරග 04කදි බිඳ හෙලා ඇති කඩුලු ගණන 09ක්.
මැලේසියාවේදි ඊයේ (02)...
19න් පහළ කාන්තා අවසන් තරගය අද
අවුරුදු 19න් පහළ පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (02) පැවැත්වීමට නියමිතයි.
මැලේසියාවේ ක්වාලාලාම්පූර්හි දී පැවැත්වෙන මෙම තරගය දහවල් 12ට ( ශ්‍රී ලංකා වෙලාවෙන්) ආරම්භ වීමට නියමිත බව සඳහන්.
අවසන් තරගය සඳහා ඉන්දියානු 19න් පහළ...
පළමු ටෙස්ට් තරගයේ හතරවන දිනය අදයි
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාවට අතර ගාල්ල ක්‍රිකට් ක්‍රිඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ හතරවන දිනය අදයි.
ඊයේ දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 136ක් ලබා සිටියා.
ඊයේ දිනයේත් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල...
කවාජාගෙන් ද්විත්ව ශතකයක්
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රෙලියාව අතර පැවැත්වෙන වෝන් - මුරලි කුසලාන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ඔස්ට්‍රෙලියාව වෙනුවෙන් එහි ආරම්භක පිතිකරු උස්මාන් කවාජා ද්විත්ව ශතකයක් වාර්තා කළා.
කවාජා මෙම ද්විත්ව ශතකය වාර්තා කිරීමේ දී පන්දු 290ක් වැය කළ...














