ඔස්ට්‍රෙලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත් වීමට නියමිත තරග දෙකකින් යුතු එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබෙනවා.

ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය චරිත් අසංකගේ නායකත්වය යටතේ ක්‍රීඩා කිරීමට නියමිතයි.

මෙම තරගාවලියේ පළමු එක්දින තරගය පෙබරවාරි 12 වන දින සහ දෙවන තරගය පෙබරවාරි 14 වන දින කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (RPICS) පැවැත් වෙනවා.

මෙම තරග දෙකම දිවා තරග වශයෙන් ක්‍රියාත්මක වන අතර ඒවා පෙ.ව. 10 ට ආරම්භ වීමට නියමිතයි.

source :- https://tinyurl.com/3u6h5p5m

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here