මහනුවර නගරය හා තදාසන්න ස්ථානවලදී ජංගම දුරකතන අතුලු වටිනා භාණ්ඩ සොරාගන්නා කල්ලියක් පිළිබඳව වාර්තාවී තිබෙන බව මහනුවර මූලස්ථාන පොලිසිය පවසනවා.

2025 වසරේ ගතවූ දින 39 තුළ ජංගම දුරකතන සොරා ගැනීම සම්බන්ධ පැමිණිලි 80ක් ලැබී ඇති බවයි මහනුවර මූලස්ථාන පොලිසිය පවසන්නේ.

මීට අමතරව පැමිණිලි නොකළ සිදුවීම රැසක් තිබෙන්නට හැකි බවද පොලිසිය පැවසුවා.

බස්‍ රථවල හා ජනාකීර්ණ ස්ථානවලදී මෙම සොරකම් සිදුකරන බවයි අනාවරණය වී ඇත්තේ.

මේ අතර මහනුවර නගරයේ සිට තදාසන්න නගර හා ගම්ප්‍රදේශවලට යන මගී බස් රථවලදී වැඩි වශයෙන් මෙම සිදුවීම් වාර්තා වන බව පැවසෙනවා.

මෙසේ ජංගම දුරකතන සොරා ගන්නා පුද්ගලයින් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් දැනටමත් පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාතමකයි.

source :- https://tinyurl.com/3cfce3db

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here