පාර්ලිමේන්තුව අද සිට ලබන 7 වැනිදා දක්වා රැස් වනවා.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගිය 23 වැනිදා රැස්වූ අතර, එහිදී තීරණය කෙරුණේ අද දින විදේශ විනිමය පනත යටතේ නියෝගයක් සහ ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි දෙකක් විවාදයට ගැනීමටයි.

එමෙන්ම අද පස්වරු 3.30 සිට 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ද පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

හෙට දිනයේ බුද්ධිමය දේපළ පනත යටතේ රෙගුලාසි විවාදයට ගැනීමට නියමිත අතර අනිද්දා පෞද්ගලික මන්ත්‍රී යෝජනා 06ක් විවාද කෙරෙන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, දැනට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර ඇති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව අද වනවිට කථානායකවරයා වෙත ලැබුණහොත් එම කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය හෙට පෙරවරු 11.30 සිට පස්වරු 5 දක්වා එදිනට නියමිත කටයුතු සමග විවාදයට ගැනීමටයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර ඇත්තේ.

source :- https://tinyurl.com/3wvtury7

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here