
නිල වශයෙන් රජයෙන් දැනුම්දීමක් සිදුකළ පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය නිල නිවසින් ඉවත් වීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, සාගර කාරියවසම් පවසනවා.
එම නිල නිවස මහින්ද රාජපක්ෂ වෙත යහපාලන ආණ්ඩුවෙන් නිල වශයෙන් ලබාදී ඇති බවත්, ඉන් ඉවත්වීමට නම් රජයෙන් නිල දැනුම්දීමක් සිදුකළ යුතු බවද ඔහු සඳහන් කළා.
එවැනි දැනුම්දීමක් සිදුකළහොත්, මහින්ද රාජපක්ෂ එම නිවසේ සුළු මොහොතක් හෝ රැඳී නොසිටින බවද සාගර කාරියවසම් සඳහන් කළා.

මේ අතර, නිල නිවස භාරදීමෙන් පසු මහින්ද රාජපක්ෂගේ ජීවිතයට එල්ල වියහැකි තර්ජනයන් පිළිබඳ වගකීමද රජය භාරගතයුතු බවයි මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, සාගර කාරියවසම් මේ බව සඳහන් කළේ, අද (03) කොලඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
source :- https://tinyurl.com/mwmceada








