
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබාදුන් වාහන අවභාවිතා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සදහා ජුනි මස 25 යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද (29) නියෝග කළා.
මෙම සිද්ධියේ ඇප මත මුදා හැර ඇති ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් මුසම්මල්, ඇතුලු පස් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී නීතිපති උපදෙස් සදහා යොමු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.
මෙම සිද්ධියට අදාළව ඇප මත සිටින, ජාතික නිදහස් පෙරමුණු මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල්, සරත් වීරවංශ, සේනාරත්න ද සිල්වා ඇතුළු පිරිස අධිකරණයේ පෙනී සිටියා.

ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර අසනීප තත්වයෙන් පසුවන බැවින්, අධිකරණය හමුවේ පෙනී නොසිටින බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල අධිකරණයට දැනුම් දුන් අතර, ඉදිරි දිනයකදී ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කරනු ලැබුවා.
source :- https://tinyurl.com/54jdxkv3








