වසර 144 කට පසු ඉන්දියාවේ පැවැත්වෙන මහා කුම්භමේලා පූජාවේදී ඇති වූ අධික තෙරපුම හේතුවෙන් 30 දෙනෙකු මියගොස් තිබෙනවා.

මෙම පූජාව සඳහා කෝටි 10ක පමණ බැතිමතුන් පිරිසක් එක්ව සිට තිබෙනවා.

එමෙන්ම පුද්ගලයින් 60 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මළ සිරුරු 25ක් හඳුනාගෙන ඇති බවත්, තවත් මියගිය අය සිටිය හැකි බවත්, පොලිසිය පවසනවා.

මෙසේ තෙරපීමක් ඇතිව තිබෙන්නේ, වඩාත් සුබ දිනයක් වූ ඊයේ දින ස්නානය කිරීමට බොහෝ බැතිමතුන් උත්සාහ කිරීම නිසායි.

වසර 12කට වරක් කුම්භමේලා පුජාව පැවැත්වෙන අතර ගංගා, යමුනා සහ හින්දු පුරාවෘත්තවල එන සරස්වති නමැති ගංගා ත්‍රිත්වය එකිනෙක හමුවන ස්ථානයේ ස්නානය කරමින් පව් කමාකර ගත හැකි බවත්, ආත්මයේ පවිත්‍රතාවය ඇති වෙන බවත් හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි.

source :- https://tinyurl.com/bdeae37k

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here