පාර්ලිමේන්තුව පෙබරවාරි 5 වැනි බදාදා සිට 7වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර සඳහන් කරනවා.

එහිදී පසුගිය 23 වැනිදා කථානායකගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ‍එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී තිබෙන බවයි ඇය සඳහන් කළේ.

ඒ අනුව, පෙබරවාරි 5 වැනි බදාදා පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහාත්, පෙ.ව 10.00 – පෙ.ව 10.30 කාලය අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා (ප්‍රශ්න 4ක්) වෙන් කර තිබෙනවා.

පෙ.ව 10.30 පෙ.ව 11.00 කාලය කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා (ප්‍රශ්න 5ක්) වෙන් කර ඇති අතර, පෙ.ව 11.00 – පෙ.ව 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර තිබෙනවා.

අනතුරුව පෙ.ව 11.30 – ප.ව 3.30 කාලය විදේශ විනිමය පනත යටතේ නියෝගයක් සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි දෙකක් විවාදයට ගැනීමට නියමිතයි.

ප.ව 3.30 – ප.ව 5.30 කාලය ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙන එනු ලබන සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පෙබරවාරි 6 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇති අතර, පෙ.ව 10.00 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.

පෙ.ව 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර ඇති අතර, අනතුරුව පෙ.ව 11.30 – ප.ව 5.00 කාලය බුද්ධිමය දේපළ පනත යටතේ රෙගුලාසි විවාදයට ගැනීමට නියමිතයි.

ප.ව 5.00 – ප.ව 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය හා විරුද්ධ පාර්ශ්වය විසින් සභාව කල් තබන අවස්ථාවේ ඉදිරිපත්කරනු ලබන ප්‍රශ්න දෙකක් සඳහා කාලය වෙන්කර තිබෙනවා.

පෙබරවාරි 7වැනි දා සිකුරාදා පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇති අතර, පෙ.ව 10.00 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.

පෙ.ව 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර ඇති බවයි සඳහන්.

අනතුරුව පෙ.ව 11.30 – ප.ව 5.00 කාලය පෞද්ගලික මන්ත්‍රී යෝජනා 06ක් විවාදයට ගැනීමට නියමිතයි.

ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

තවද දැනට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කොට ඇති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය 2025.02.05 වැනි දිනට ප්‍රථම කථානායකවරයා වෙත ලැබුනහොත් එම පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදයද 2025.02.06 වැනි දින පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා එදිනට නියමිත වැඩකටයුතු සමග විවාදයට ගැනීමට කාරක සභාව තීරණය කරන ලද බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

source :- https://tinyurl.com/5yya2yv5

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here