‘ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී’ නමැති තනතුර පවත්වා ගැනීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සදහන් කරනවා.

ඔහු මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (29) පැවති මාධ්‍ය සාකච්ඡාවකදීයි.

එහිදී ඔහු සඳහන් කළේ එම තනතුර පවත්වාගෙන යාමට අවශ්‍යතාවයක් නොමැති බවත් එම තනතුරේ රාජකාරීන් ආරක්ෂක අමාත්‍යංශය විසින් සිදුකරනු ලබන බවයි.

එමෙන්ම, අවශ්‍ය වුවහොත් පමණක් එම තනතුර යලි ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් ලේකම්වරයා සඳහන් කලා.

source :- https://tinyurl.com/yj5rxv6j

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here