ඩිජිටල් හැඳුනුම්පතට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට මධ්‍යස්ථාන 2,300ක් ස්ථාපිත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

එමෙන්ම ඩිජිටල් හැඳුනුම්පත් නිර්මාණය කිරීම සඳහා ඉන්දියාව රුපියල් කෝටි 1,000ක ආධාරයක් ලබා දීමට එකඟ වූ බවයි ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

තඹුත්තේගම ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව පැවසුවේ.

ඩිජිටල් හැඳුනුම්පත හරහා ඉන්දියාව විසින් දත්ත හොරකම් කරන බවට ඇතැම් පිරිස් චෝදනා කළද, දත්ත ඇතුළු කිරීමට නියමිතවන අදියරින් පසු ඉන්දියාව මෙයට අත නොදමන බව ඔහු පවසනවා.

තවද, මෙම ඩිජිටල් හැඳුනුම්පත හරහා මුල්‍ය ආයතන සමග ගනුදෙනු කිරීමට මෙන්ම බදු ගෙවීමේ කටයුතු සඳහා ද පහසුකම් සැලසෙන බවයි ජනාධිපතිවරයා වදිදුරටත් සඳහන් කළේ.

source :- https://tinyurl.com/3j9bmapk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here