මිල්ලනිය සී/ස මුංවත්ත බටහිර විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් හිටපු සභාපතිගේ ප්‍රධානත්වයෙන් යුත් ස්වාධීන කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා.

මිල්ලනිය ප්‍රධාන බැංකු ශාඛාව ඇතුළු ශාඛා 11ක සාමාජිකයන් 11175 ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබූ අතර 4000කට ආසන්න පිරිසක් ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවා.

කළුතර දිස්ත්‍රික් සමුපකාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ඡන්ද ගණන් කිරීම සිදුවූ බවයි හිරු වාර්තාකරු සඳහන්කර සිටියේ.

ගෙහාන් වීරසිංහ ඡන්ද 1865ක් ලබා ගනිමින් සභාපති ලෙස තේරී පත්වුණා.

උ.සභාපති ලෙස තේරී පත් වෙමින් ලක්මාල් රොෂාන් චන්ද්‍රසේකර, ඡන්ද 1667ක් ලබා ගත් අතර කාරක සභිකයන් ලෙස ටී.ඩී.ලලිත් ප්‍රියන්ත, නුවන් ප්‍රසන්න වික්‍රමසිංහ, රසික ෆොන්සේකා, කේ වසන්ත පුෂ්ප කුමාර, හෙට්ටිගේ දයානන්ද පෙරේරා නව නිලධාරී මණ්ඩලය ලෙස තේරිපත් වුණා.

අනෙක් ස්වාධීන කණ්ඩායම දෙවන ස්ථානයටත් මාලිමා කණ්ඩායම තුන්වන ස්ථානයටත් පත්වුණා.

ජයග්‍රහණයෙන් පසුව මිල්ලනිය වින්රෝ උත්සවශාලාවේ නව අධ්‍යක්ෂක මණ්ඩලයට නිලධාරි කණ්ඩායම පාගමනින් මිල්ලනිය මංසන්ධිය පිහිටි සී/ස මුංවත්ත බටහිර සමූපාකාර බැංකු සමිතියේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට පැමිණ ප්‍රීති ඝෝෂා පැවැත්වූ බවයි වාර්තා වෙන්නේ.

source :- https://tinyurl.com/47mu8e72

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here