
නිසි පරිදි බදු තීරණය නොකිරීම හේතුවෙන් පසුගිය වසර 05 ක පමණ කාලය තුළ රුපියල් බිලියන 100 ක පමණ සුරාබදු ආදායමක් රටට අහිමි වී ඇති බව මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා.
දුම්වැටි අලෙවිය ද එම කාලසීමාව තුළ සියයට 50කින් පමණ අඩු වී ඇති බවයි මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක සම්පත් ද සෙරමි කියා සිටියේ.
කෙසේ වෙතත් දුම්කොළ සමාගමේ ලාභය සියයට 400කින් පමණ ඉහළ ගොස් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එහිදී අදහස් දැක්වූ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක සම්පත් ද සෙරමි,
“මීට අවුරුදු 10කට කලින් දුම්වැටි මිලියන 4,800ක් විතර අලෙවි වුණා. අද වෙද්දී වසරකට දුම්වැටි අලෙවි වන්නේ මිලියන 2,200ක් වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ 50%ක අඩුවීමක්. ඒත් දුම්කොළ සමාගමේ ලාභය 400%කින් 500%කින් වැඩි වෙලා තියෙනවා.. 2009 සිට දුම්කොළ සමාගමට වාසි විදියට බදු ප්‍රතිපත්ති තීරණය කරනවා. ඉතින් ඔවුන් ලාභ ලබනවා. ආයෙත් ඒ මුදල් දුම්වැටිවලට අපේ දරුවන් හුරු කරවන්න කැම්පේන්වලට යොදවනවා. සමස්ත බදු ආදායමෙන් 6%යි දුම්වැටි බද්ද. මධ්‍යසාර බද්ද 9%ක් විතර තියෙනවා.”
source :- https://tinyurl.com/mu6tcmry








