රුපියල් 370ක මිලදී ගැනීමට හැකියාව ඇති ඖෂධයක් රුපියල් 70,000 ක අධික මුදලකට මිලදී ගැනීමට සමාගමකට අවසර ලබා දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හමුවේ අද (22) ප්‍රකාශයක් සිදු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සකච්ඡාවට ඊයේ එක්වෙමින් ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බවයි.

මේ අතර රජය ආරම්භ කළ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදය ඊයේ පාර්ලිමේන්තුවේදී ආරම්භ වූ අතර එය අද දිනයේත් පැවැත්වෙනවා.

source :- https://tinyurl.com/28tn6emt

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here