
සටන් විරාමයක් ක්‍රියාත්මක වන අතරතුර ඊශ්‍රායලය විසින් ජෙනින් ප්‍රදේශයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පලස්තීනුවන් 9 දෙනෙකු මියගොස් 35 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පලස්තීන සන්නද්ධ කණ්ඩායම්වල බලකොටුවක් ලෙස දිගු කලක් තිස්සේ පවතින ජෙනින් ප්‍රදේශයට ප්‍රහාර එල්ල කිරීම සදහා විශාල මෙහෙයුමක් දියත් කිරීමට සිදු වූ බවයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මාධ්‍ය වෙත පවසා ඇත්තේ.
එමෙන්ම, ගාසා තීරයේ සටන් විරාමයක් ආරම්භ වී දින තුනකට පසුව මෙම ප්‍රහාරය එල්ල කිරීම විශේෂත්වයක්.

කෙසේ වෙතත්, ජෙනින් හි ආණ්ඩුකාර කමල් අබු අල්-රුබ් එරට මාධ්‍ය වෙත කියා සිටියේ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයට හැකි ඉක්මනින් ප්‍රතිචාර දක්වන බවයි.
source :- https://tinyurl.com/mk22wts4








