
ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක අද (20) උදෑසන මොරටුවේ සිට කොළඹ කොටුව දක්වා කාර්යාල දුම්රියක සාමාන්‍ය මගියෙකු ලෙස ගමන් කර තිබෙනවා.
ඔහු එලෙස දුම්රියේ ගමන් කරනු ලබන ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින අතර, දුම්රිය මගීන් මුහුණ දෙන ගැටළු කිහිපයක් පිළිබඳව ඔහු එම ගමනේදී මගීන් සමග සාකච්ඡා කර තිබෙනවා.
එහිදී දුම්රියට ගොඩවීමේදී ආබාධිත පුද්ගලයින් මුහුණ දෙන අභියෝග, ධාවන පථවල සහ දුම්රිය ස්ථානවල අපිරිසිදු තත්ත්වයන් සහ ආරක්ෂිත අවදානම් ඇති කරන යල් පැන ගිය දුම්රිය අඛණ්ඩව භාවිතා කිරීම පිළිබඳව මගීන් සිය අකමැත්ත සහ පැමිණිලි අමාත්‍යවරයා වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

source :- https://tinyurl.com/3nf34efh








