නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද ලොරි රථයක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසාට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබෙනවා.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් ඔහු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ පැය 06කට අධික කාලයක් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුවයි.

මෙම ලොරි රථය එම ඒකකය විසින් පසුගිය වසරේ දෙසැම්බර් මස 05 වන දින හපුතලේ – මුතුවානාවත්ත ප්‍රදේශයේදී සොයා ගත් අතර, ඒ සම්බන්ධයෙන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට පොලිසිය කටයුතු කර තිබුණා.

source :- https://tinyurl.com/2h9bwk26

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here