වත්මන් රජයේ නොහැකියාව හමුවේ විපක්ෂයේ පක්ෂවල එකතු වීමක් බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සන්ධානය පවසනවා.

ඔවුන් මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සන්ධානය පිළිබඳ සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී පැවැත්වුණා.

පසුගිය මැතිවරණයේදී සිලින්ඩරය ලකුණ නියෝජනය කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට සහය පළ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, පියල් නිශාන්ත, නිමල් ලාන්සා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

source :- https://tinyurl.com/4r4bkvbm

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here