හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසාට අනිද්දා වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා.

ඒ, එකළස් කරන ලද බවට සැකකෙරෙන ට්‍රක් රථයක් සම්බන්ධයෙන් විමර්ශනයකට අදාළවයි.

අදාළ ට්‍රක් රථය වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් පසුගිය මස හපුතලේ ප්‍රදේශයේදී සොයාගත් අතර, ඒ සම්බන්ධයෙන් බණ්ඩාරවෙල අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමටයි පොලිසිය කටයුතු කළේ.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍යවරයා පසුගිය අඟහරුවාදා වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත පැමිණ තිබුණා.

කෙසේ වෙතත්, ප්‍රකාශ ලබා ගැනීම ආරම්භ කිරීමෙන් පසුව තමන්ට හදිසි අසනීප තත්ත්වයක් පවතින බව පවසමින් ඔහු එම ස්ථානයෙන් පිටව ගොස් තිබූ බවයි වාර්තා වුණේ.

source :- https://tinyurl.com/29h3ddcs

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here