විදේශ රැකියා ලබා දීමෙදී සිදු කර ඇති මූල්‍ය වංචා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගෙන් ද ඉදිරියේ දී ප්‍රකාශයක් ලබා ගැනීමට සිදුවන බව විමර්ශන කණ්ඩායම් පවසනවා.

ඉදිරි විමර්ශනවලදී අනාවරණ වන තොරතුරු මත පදනම්ව අදාළ ප්‍රකාශය ලබා ගැනීම සිදු කරනු ඇති බවයි විමර්ශන මෙහෙයවන ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මූල්‍ය වංචා සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා වන තිසර නානායක්කාර හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණා.

ෆින්ලන්තයේ රැකියා දෙන බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයෙකු කළ පැමිණිල්ලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු බිබිල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්තේ, පසුගිය මස 28 වනදායි.

මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ලැබෙමින් පවතින අතර ඊට අදාළ සාක්ෂි ලබා ගැනීමද මේ දිනවල සිදු කෙරෙනවා.

එහි දී ලැබෙන තොරතුරු මත පදනම්ව ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරන බවයි විමර්ශන කණ්ඩායම් සඳහන් කළේ.

source :- https://tinyurl.com/k8vvf54r

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here