සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 14 දෙනෙකු දැනටමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර ඇති අතර තවත් 5 දෙනකු ඉදිරි දින කිහිපයේ ජනපති සමඟ එක්වන බව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ “පුළුවන් ශ්‍රී ලංකා” සංකල්පය බලගැන්වීමේ අරමුණින් බේරුවල තරුණ සමුළුව පසුගිය සෙනසුරාදා(18) පස්වරුවේ අලුත්ගම ප්‍රදේශයේදී රැස්වූ අතර එම සමුළුව අමතමින් ඔහු මේ අනාවරණය සිදුකළේය.

“සමගි ජනබලවේගය කියන්නේ පට්ට සමබර කණ්ඩායමක් විල්පත්තුව කපපු රිෂාඩ් බදියුදීන් ඉන්නවා. විල්පත්තුව කපනවාට විරුද්ධ වුණ පොහොට්ටුවේ මන්ත්‍රීවරුත් ඉන්වා. බැඳුම්කර මගඩියට පොත් ලියපු සුජීව සේනසිංහ එතන ඉන්නවා. එතකොට මහ දවල් කොල්ල කාලා කියලා කෑ ගහපු ඩලසුත් ඉන්නවා. කෝප් වාර්තාවට ෆුට්නෝට් දාපු අජිත් පී පෙරේරා ඉන්නවා. මහ දවල් කොල්ල කාලා කියලා කෑ ගහපු සෙට් එකත් එතන ඉන්නවා. ඔට්ටුවලින් ක්‍රිකට් කෑප කියපු අර්ජුන රණතුංගත් ඉන්නවා. ඔට්ටු දාන තිලංග සුමතිපාලත් ඉන්නවා. ඉංග්‍රීසියෙන් කථා කරලා ණය ගන්න එක ටිං ටිං වැඩක් කියපු චම්පිකත් ඉන්නවා. ඉංග්‍රීසියෙන් කථා කරලා ණය ගන්න හදන සජිත් ප්‍රේමදාසත් ඉන්නවා. මේ ළඟදි කිව්වනේ එයාගේ තියෙන්නේ මහ ළාමක ටිංටිං වැඩ කියලා කිව්වේ චම්පික රණවක. හැබැයි ලැජ්ජා නැතිව ඉන්නවා. මොකද පක්ෂය හදන්න ඕනේ කියපුවා දෙන්න ඇති.  

“අද වෙනකොට සජබයේ මන්ත්‍රීවරු 14ක් එළියට බැහැලා ඉවරයි. හෙට අනිද්දා වෙනකොට තවත් ඡන්ද තියෙන හතර පහක්, මේ සජබය ගොඩ නඟපු අය එළියට බහිනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here