මව්කිරි සිරවීමෙන් මාස තුනක කුඩා බිළිඳියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් යාපනය, මිරුසුවිල් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

බිළිඳිය ඊයේ (19) මව්කිරි බොමින් සිටි අවස්ථාවේදී හදිසියේම ක්ලාන්ත වී ඇති අතර ඇයගේ මව වහාම බිළිඳියව චාවකච්චේරි රෝහලට ඇතුළත් කර තිබෙනවා.

නමුත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය ජීවිතක්ෂයට පත්ව තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කොඩිකාමම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here