පාස්කු ප්‍රහාරය ගැන ජනතාව අපේක්ෂා කරන සත්‍ය අනාවරණය කිරීමට තමා ඇතුළු සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ සියලු‍දෙනා සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කොළඹ අගරදගුරු නිවසේදී කාදිනල් මැල්කම් රංජිත් හිමිපානන් ඇතුළු කොළඹ පදවියේ සහායක රදගුරුතුමන්ලා මුණගැසී ආශිර්වාද ලබාගත් අවස්ථාවේ විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය.

පාස්කු ප්‍රහාරයේ සත්‍ය අනාවරණය කිරීම සම්බන්ධයෙන් තමාට පැහැදිලි වැඩපිළිවෙළක් ඇති බවත්, එය පාර්ලිමේන්තුවේදී පවා සභාගත කර ඇති බවත් හෙතෙම මෙහිදී පැවසීය.

මෙරට කතෝලික ප්‍රජාව ප්‍රමුඛ සමස්ත ජනතාවගේ අපේක්ෂාව වන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ පරීක්ෂණ විනිවිදභාවයෙන් සිදු වූවාද?, එහි සත්‍ය හෙළිකර ගත්තාද යන්න බවත් නිසා ඒ සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් පරීක්ෂණ සිදුකර කාදිනල් හිමි ප්‍රමුඛ කතෝලික සභාව දැනුවත් කරන බවද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එබැවින් පාස්කු ප්‍රහාරයේ සුලමුළ සහ සත්‍ය සොයන වැඩසටහන කිසිදු භේදයකින් තොරව ක්‍රියාත්මක කරන බවත්, එම සත්‍ය කෙසේ හෝ සොයා බලා ඊට සම්බන්ධ වූ සියලු‍දෙනාට උපරිම දඬුවම් ලබාදෙන බවටද විපක්ෂ නායකවරයා මෙහි දී කාදිනල් හිමි ඇතුළු රදගුරුතුමන්ලාට පොරොන්දු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here