පාර්ලිමේන්තු මන්ත්‍රිනි චමින්ද්‍රානි කිරිඇල්ලගේ අධිනීතීඥභාවය පිළිබඳව මතුව ඇති ගැටලුවට ඇය පිළිතුරු ලබා දී තිබුණා.

ඊයේ (17) පාර්ලිමේන්තු සැසිවාරය අතරතුරදී මන්ත්‍රීවරියක් මේ පිළිබඳව යොමුකළ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් ඇය සිය මුහුණු පොතෙහි මේ පිළිබඳව සටහනක්ද තබා තිබෙනවා.

එහිදී චමින්ද්‍රානි කිරිඇල්ල සඳහන්කර සිටියේ මෙවැනි අදහසක්.

” මේ දිනවල සමාජ මාධ්‍ය හරහා මාගේ කීර්ති නාමයට හානි වන අකාරයෙන් මාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව පදනම් විරහිතව සහ ද්වේශ සහගතව, පටු දේශපාලන අරමුණු පදනම් කරගත් අසත්‍ය චෝදනා ඇතැම් පිරිස් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කරනු මා දුටුවෙමි. “අධිනීතිඥ” යන වචනය මාගේ නම ඉදිරියෙන් යෙදීම-
මා මහා බ්‍රිතාන්‍යයේ ලින්කන්ස්ඉන්හී (Lincolns Inn) බැරිස්ටර් විභාගය වර්ශ 2000 දී සමත්වු බැරිස්ටර්වරියකි (සහතිකයේ පිටපත පහත සදහන්). ඒ අනුව, බ්‍රිතාන්‍යයේ ඉදිරි පෙළේ අධිනීතිඥ වරයන් සමග මාස 12ක පුහුණුවද (pupillage) ලබා ගත් නිසා මහා බ්‍රිතාන්‍යයේ අධිනීතිඥවරියක් වශයෙන් බ්‍රිතාන්‍යයේ ඕනෑම අධිකරණයකට කරුණු ඉදිරිපත් කිරිමේ බලයද මට ලැබුණි.
මහා බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරුන් වන ම්‍රාගට් තැචර් සහ ටෝනි බේලෙයාර් වැනි අයද බ්‍රිතාන්‍යයේ ලින්කන්ස්ඉන්හී බැරිස්ටර්වරුන්ය. තවද, කිසිම අවස්ථාවක මා ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ‘අධිනීතිඥවරියක්’ වශයෙන් සදහන් කර නොමැති බවද මතක් කරමි. ‘බැරිස්ටර්වරිය’ යන වචනයේ සිංහල පරිවර්ථනය ‘අධිනීතිඥ’ වන අතර මෙය හෙලකුරු, භාශා, මදුර, දේවදාර යන විද්‍යුත් පරිවර්තන වල පරිවර්ථනය වන්නේද එසේය. විදේශ රටකින් ලබා ගන්නාවූ අධ්‍යාපන/වෘත්තිමය සුදුසුකම් නිසා ලැබෙන නාමද ලංකාවේ භාවිත කිරීම පිළිගත් කරුණකි.
උදාහණයක් වශයෙන්, විදේශ රටක ආචාර්ය උපාධියක් (Ph.D) සම්පූර්ණ කරපු කෙනෙක් ලංකාවේද ‘ආචාර්ය’ (Dr) යන නාමය තමාගේ නම ඉදිරියෙන් යොදා ගනු ලබයි.
මීට අමතරව, මා 2003 දී ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරියක් වශයෙන් දිවුරුන් දුන්නේය.

මාගේ උපාධියේ සත්‍යතාවය-
මා මහා බ්‍රිතාන්‍යයේ බකිංහැම් විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබද උපාධිධාරිනියක් (LL.B Honours) සහ අන්තර් ජාතික මුල්‍යකරණය සහ නීතිය පිළිබද පශ්චාත් නීති උපාධිධාරිනියකි (LL.M). (London School of Economics and Political Science).
මාගේ සියලු උපාධි/වෘත්තිමය සහතිකද මේ සමග ඇතුලත් කර ඇති අතර ජනතාව මා වෙත තැබු විශ්වාසය එලෙසින්ම රැක ගනිමින් මා ඉදිරියේදීද කටයුතු කරන බව මින් දන්වා සිටිමි ..
අධිනීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල
මහනුවර දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රි ”

No description available.

No description available.No description available.No description available.No description available.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here