ජනාධිපති අනුර කුමාර දිසානායක මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියා.

සිය තුන්දින ඉන්දීය නිල සංචාරය නිම කරමින් ‍ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (17) රාත්‍රියේයි දිවයිනට පැමිණියේ.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා, එරට ජනාධිපතිවරිය, අග්‍රාමාත්‍යවරයා, උප ජනාධිපතිවරයා, විදේශ, මුදල් සහ සෞඛ්‍ය අමාත්‍යවරුන් මෙන්ම ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් හමුවී සාකච්ඡා කරනු ලැබුවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමෙන් අනතුරුව නවදිල්ලි නුවරදී දෙරටේ රාජ්‍ය තාන්ත්‍රිකයන් අතර ඒකාබද්ධ ප්‍රකාශයක්ද නිකුත් කෙරුණා.

ඊට අමතරව ජනාධිපතිවරයා නවදිල්ලි නුවරදී මහා පරිමාණ ව්‍යාපාරිකයින් සමග සාකච්ඡාවක ද නිරත වූ අතර ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා ඇති හිතකර පරිසරය මෙන්ම ආයෝජනයට ඇති අවස්ථාවන් පිළිබඳ ජනාධිපතිවරයා ව්‍යාපාරිකයින්ට පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම, ජනාධිපති අනුර කුමාර දිසානායක බුද්ධගයාවට වැඳ පුදාගෙන ආශීර්වාද ලබා ගත්තා.

source :- https://tinyurl.com/y8ankhbp

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here