මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා වන කාරක සභා සාමාජිකයන්ගේ නම් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව එම කාරක සභාවේ සභාපති ධුරය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාට හිමිව තිබෙනවා.

ඔහුට අමතරව එම කාරක සභාවේ සේවය කිරීම සඳහා ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, තිලිණ සමරකෝන්, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා ගැනුණු බව සඳහන් කළා.

source :- https://tinyurl.com/4m7ak65x

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here