
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් නිසාම් කාරියප්පර්, සමගි ජන බලවේගයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ අද (18) රැස්වූ පාර්ලිමේන්තුවේදී දිවුරුම් දෙනු ලැබුවා.
ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඉදිරියේදී යි.
මේ අතර, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය නියෝජනය කරමින් පාර්ලිමේන්තු වරම් ලැබූ ෆයිසර් මුස්තාපා මන්ත්‍රී ධුරයේ ඊයේ දිවුරුම් දෙනු ලැබුවා.

අනතුරුව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර නියෝජනය කරමින් පාලිමේන්තුවට තේරී පත්වූ සුජීව සේනසිංහ, මොහොමඩ් ඉස්මයිල් මුත්තු මොහොමඩ් සහ මනෝ ගනේෂන් එකී මන්ත්‍රීධුරවල ද ඊයේ දිවුරුම් දුන්නා.
source :- https://tinyurl.com/5b3c7xz4








