නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සහ සමගි ජන බලවේගය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර හිමිකරගත් මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු අද (17) රැස්වූ පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.

ඒ, නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි ඉදිරියේදී යි.

එහිදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය නියෝජනය කරමින් පාර්ලිමේන්තු වරම් ලැබූ ෆයිසර් මුස්තාපා පළමුව මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.

අනතුරුව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර නියෝජනය කරමින් පාලිමේන්තුවට තේරී පත්වූ සුජීව සේනසිංහ, මොහොමඩ් ඉස්මයිල් මුත්තු මොහොමඩ් සහ මනෝ ගනේෂන් එකී මන්ත්‍රීධුරවල දිවුරුම් දෙනු ලැබුවා.

කෙසේ වෙතත්, සමගි ජන බලවේගය නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු වරම් ලැබූ නිසාම් කාරියප්පර් අද එකී මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමක් සිදුවූයේ නැහැ.

source :- https://tinyurl.com/3v7x67vz

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here