ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ වැය ශීර්ෂයට අදාළ අය වැය යෝජනා ලබා ගැනීම අද සිදු කෙරුණා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදීයි.

ලබන වසර සදහා අයවැය ලේඛනය සකස් කිරීම සදහා අමාත්‍යංශ මට්ටමින් පූර්ව සාකච්ඡා සිදුකිරීමේ වැඩසටහන යටතේ මෙය සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මේ අතර, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ සාකච්ඡාවක් ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පවත්වා තිබෙනවා.

source :- https://tinyurl.com/4zafn32c

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here