
හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර විසින් පොලිස් මුලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට විදුලි සෝපානය අසල දී සාපරාධි බලහත්කාරකම් හා සාපරාධි බියගැන්වීම් සිදුකිරිමේ චෝදනාවලට අදාළව පවරා ඇති නඩුවට අයත් සීසීටීවී දර්ශන සම්බන්ධයෙන් නියෝගය දීම සඳහා ලබන මාර්තු මස 26 වැනිදා කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තණූජා ලක්මාලි අද (11) නියෝග කළා.
සිද්ධිය සම්බ්නධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේදී එම දත්ත ලබා ගන්නා ලෙස නඩු තීන්දු සහ නෛතික ප්‍රතිපාදන ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දිව්රුම් ප්‍රකාශයක් ගොනු කරමින් සහ වාචිකව කරුණු දක්වමින් ඉල්ලා සිටියා.
එහිදී හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඊට විරෝධය පළ කළ අතර, අවස්ථා දෙකකදී එම සීසීටීවී දර්ශන පිළිගැනීම අධිකරණය ප්‍රතික්ෂේප කර ඇති බැවින් මේ ඉල්ලිම සිදු කිරිම ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා තිබෙනවා.

එහිදී නීතිඥවරයා කියා සිටියේ 2021 වසරේ අප්‍රේල් මස 21 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සෝපාන අංක එක ක්‍රියාකරුව සිටි රාගම පදිංචි ඒ එච් සමරකෝන් බණ්ඩා නිලධාරියා විසින් එවකට සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරගේ උපදෙස් මත එම දර්ශන ඇතුළත් සීසීටීවී දර්ශන පෙන් ඩ්‍රයිව් එකකට උත්පාදනය කිරිමෙන් පසුව එම සංයුක්ත තැටිය ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ කාර්යාලයට බාර දුන් බවට සහ ඉන් අනතුරුව එම දත්ත ප්‍රතිස්ථාපනය කිරීමෙන් පසුව ඩීවී ආර් යන්ත්‍රයෙන් සම්පූර්ණයෙන් මකා දැමූ බවට දිව්රුම් ප්‍රකාශයක් ගොනු කර ඇති බවයි නීතිඥවරයා අධිකරණයට දැනුම් දී ඇත්තේ.
පූර්වගාමී විනිසුරුවරයා ඇතුළු විනිසුරුවරුන් දෙදෙනක් පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බැවින් එම ඉල්ලීමට විරුද්ධවන බව අධීකරණයට දන්වා තිබෙනවා.
එමෙන්ම තමන් විසින් ඊට අදාළ ලිඛිත දේශන ගොනු කරන බවද අධිකරණයට දන්වා සිටියා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ල සමාදාන වීමට එකඟතාවය පළ කිරීම හේතුවෙන් සංශෝධිත පැමිණිල්ල ගොනු කරන ලෙසද අධීකරණය විසින් නියෝග කර තිබෙනවා.
නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු පොලිස්පතිවරයා විවෘත අධීකරණයේ පෙනී සිටියා.
source :- https://tinyurl.com/2u8e9md3







