
හිටපු ජනාධිපතිවරයා මැතිවරණයට දිනයට පෙර රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරන බව ප්‍රකාශ කිරීමෙන් ගම්‍ය වන්නේම ජනතාව රැවට්ටිමක් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය පවසනවා.
ඇය මේ බව පැවසුවේ ඊයේ (27) කොස්ගම ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අදහස් පල කරමින්.
එහිදී ඇය කියා සිටියේ ජනතාව පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ තෝරාගත්තේ අත්හදා බැලීමක් ගැනීමට බවත් ඔහු වෙනස් පුද්ගලයෙකු යැයි ජනතාව සිතු නමුත් දිගින් දිගටම සිදු වුයේ අවුල් සහගත තත්ත්වයන් බවයි.

එමෙන්ම වසර 75 තිස්සේ වැරදි කරමින් තියෙන අවුල විසදමින් මේ වන විට අප ගමනක් යමින් තිබෙන බව ඇය කියා සිටියා.
පසුගිය කාලයේදී සෞඛ්‍ය ඇමැති කෙනෙක් පත් වෙලා මේ රටේ ජනතාවට විෂ වෙන්න බෙහෙත් ගෙන්න තරම් නරුම වෙන්නෙත් මේ සිස්ටම් එක තුළ මේ දේවල් ඉක්මනින් විසදා ගැනීමට නොහැකි බවත් එය කාලයක් ගත වන බව ඇය අවධාරණය කර සිටියා.
කෙසේ වෙතත් පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාව හිතාමතාම රැවට්ටීමට රනිල් වික්‍රමසිංහ කටයුතු කල බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී කියා සිටියා.
ඇය කියා සිටියේ වසර ගණනාවක් පාලනයේ සිටි අයෙකු වශයෙන් රනිල් වික්‍රමසිංහ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමේ ක්‍රමවේදයට අනුව ක්‍රියා නොකර සිටි අයෙකු බවයි.
ඔහු මැතිවරණය දින ළංවෙද්දිම පවසා සිටියේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි වීමක් සිදු වන බව නමුත් ඔහුට එය තනිවම සිදු කළ හැකි දෙයක් නොවන බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කර සිටියා.
තම තමන්ගේ අභිමතය පරිදි කිසිවෙකුටත් රාජ්‍ය සේවක වැටුප වැඩි කළ නොහැකි බවත්, ඒ සඳහා නිසි ක්‍රමවේදයක් පවතින බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කියා සිටියා.
රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම අගමැතිට හෝ ජනාධිපතිවරයාට තනියවම කළ හැකි දෙයක් නොවන බවත් ඒ සඳහා මුදල් වෙන් කිරීමට භාණ්ඩාගාරයෙන් අවසර ගත යුතු බව ඇය අනාවරණ කර සිටියා.
රනිල් වික්‍රමසිංහ මේ ක්‍රමවේදය නොදැනුවත්ව නොව ජනතාව රැවටීම උදෙසා රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම ප්‍රකාශ කළ බව මේ රට තුළ අර්බුධය නිර්මාණය වන්නේ මෙවැනි නායකයින්ගේ ක්‍රියා හේතුවෙන් බව ඇය පවසා සිටියා.
එමෙන්ම මේ කරන්නේ අන්තර්කාලීන ආණ්ඩුවක් යටතේ බවත් විධායක බලය පමණක් පාවිච්චි කරමින් බවත් තුන් දෙනෙකුට ආණ්ඩුවක් කල නොහැකි බවත් ඇමැතිවරු 25 යි නියෝජ්‍ය ඇමැතිවරු 25 යටතේ ඉදිරි ආණ්ඩුව ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය වැඩිදුරටත් කියා සිටියා.








