විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා නව සමාගමකට ලබා දුන් ටෙන්ඩරය හේතුවෙන් අමතරව ඩොලර් මිලියනයක මුදලක් අදාළ සමාගම ගෙවීමට රජයට සිදුව ඇති බව ජන අරගල සන්ධානය පවසනවා.

එහි විධායක කමිටු සාමාජික පුබුදු ජයගොඩ ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අවධාරණය කළේ, මේ සම්බන්ධයෙන් වත්මන් රජය තම ස්ථාවරය පැහැදිලි කළ යුතු බවයි.

මේ අතර, විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සදහා මේ වන විට බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ජනතාව යළිත් දිගු පෝලිම් වල රැදී සිටිනවා.

එම ජනතාව චෝදනා කරන්නේ විදෙස් බලපත්‍ර ලබා ගැනීම සදහා තමන්ට යළිත් ටෝකන් පෝලිම්වල රැදී සිටීමට සිදුව ඇති බවයි.

පසුගිය කාලය පුරාවට මෙරට විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සම්බන්ධයෙන් අර්බුදයක් පැවති අතර නව රජය බලයට පත්වීමත් සමග එම අර්බුදය අවසන් බවට විශයභාර අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ජනතාව චෝදනා කරන්නේ තවමත් අර්බුදයට නිසි විසදුම් ලබා දීමට වත්මන් රජයට නොහැකි වී ඇති බවයි.

source :- https://tinyurl.com/ms2xewwd

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here